ඔන්න ඉතින් කෙටියෙන්ම කියුවොත් මම නම් ඔයාල වගේ දක්ෂ ලෙස බ්ලොග් ලියන්න නම් දන්නේ නැ. මම ඔයාලා ගොඩදෙනෙක්ගේ රසිකාවියක් විතරයි. එත් ඔයාලා හැමෝවම බලන්න ආවට පස්සේ හිතුනා මමත් ඔයාලා එක්ක එකතු වෙලා මොනවම හරි ලියුවනම් හොදයි කියලා. මේ මගේ ප්රථම පොස්ට් එක නිසා වැරදී ඇතොත් හිනා වෙන්න එපා හොදේ............. කොහොම හරි හීනෙකින් වත් නොහිතපු cyber mega beach party ට මම බුකියේ මගේ හොදම යාළුවා උන බොරලුගොඩ මල්ලිගේ උපකරෙන් අවා. මම හිතුවේ නැ ඇත්තටම මේ තරම් විනෝදයෙන් කාලය ගෙවන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් සතුටු උනා ගොඩක් මිතුරු මිතුරියෝ මුණගැහුනා. කාලය ගෙවිලා යනවා දැනුනේම නැහැ. මුලින්ම මේ වැඩේ මේ තරම් හොදින් සංවිදානය කරපු සංවිදායක මඩුල්ලට තැන්කු වේවා. ඊ ලගට ඔයාලගේම කෙනෙක් වගේ මව පිළිගත්ත මගේ යාලුවෝ හැමෝටමත් ගොඩක් තැන්කු හොදේ........ . මට අමතක නොවෙන සිදුවීම් කීපයක්ම උනා. ඒ අතරේ රසවත්ම සිදුවීම තමා නයි සෙල්ලමේදී මගේ ඇදුම ඉරිමකට ලක් වීම. ඕව ඔහොම තමයි ක්රීඩාවන් තුලදී. මගේ වැටීම අමතක කරන්නම බැ මොකෝ මෙන්න මෙහෙම සුන්දර මඩ පාරක් මටත් වැදිලා නිසා...........
. කොහොම හරි මගේ ජිවිතේ කවදාවත්ම අමතක නොවන මතකයන් ගොන්නක් එකතු කරලා දුන්න යාලුවනේ ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් තැන්කු........... අදින් පසුව අපේ බ්ලොගර්ස්ලගේ ඕනෑම වැඩක් එක්ක මමත් ඉන්න තරයේ හිතාගත්තේ ඔයාල හැමෝම මගේ ජිවිතේ අමතක නොවන විශේෂ පිරිසක් වූ නිසාවෙන්මයි. නැවත හමු වීමේ සිහිනයත් සමගින් එසේනම් මම නවතිමි....

19 comments:
හ්මිමි දැන් ඉතින් ලියන්න පටන් ගමුකෙි දිගටම
සුභ පැතුමි
ජය වෙවා
දිගටම ලියමු සුබ පැතුම්
එහෙනං ඉතිඔන් බන් අක්කේ කරන්න තියෙන්නේ හිටු කියල ලියන්නයි,එදා එන්නනම් බැරි උනා පොකු අවුලක් නිසා,ඊලග ගෙට් එකේදී සෙට් වෙමු,සුබ පැතුම්
හරි යං යං යං
පටන් ගත්තනම් දැන් ඉතින් ලියන එකයි තියෙන්නෙ...වැලි කාගෙන හරි බ්ලොගයක් පටන් ගත්තනේ....
මෙවන් දෙයක් සංවිධානය කීරීමේ දී අපට තිබුණු අභියෝගයත් මේකම තමයි.. ඒත් දැන් හිතනවා අපේ සංවිධායක මඩුල්ල සාර්ථකයි කියලා මේ වගේ ලිපිවලින්.. බොහොම ස්තුතියි ඔබේ පැමිණිම ගැන. දැන් ඉදන් ඔබත් බ්ලොග් පවුලේ සාමාජිකාවක්නේ...
ඔන්න එහෙනම් අපිත් ආවා මේ පැත්තේ. දිගටම ලියමු
නියමයි නියමයි දැන් දිගටම ලියමු....
සුභ පතනවා දිගු ගමනකට...!!
නියමයි....
සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනිමු....
පුළුපුළුවං වෙලාවට,
මොන මොනවා හරි,
කුරුටු ගාන්න... :-)
දන්න විදිහට ගෙට්ටුවෙන් පසු ආරම්භ කල දෙවන බ්ලොගය.
පටන් ගැන්ම වගේම දිගටම ලියන්න.
සුභ පැතුම්......
එල කිරි... සුපිරිම වසරේ ආතල් එක ගත්තෙමි...
එල එල පටාං ගමු එහෙනම්
ආ... ඔයත් පටන් ගත්තද? බුදු සරණයි දුවේ!!! :D
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පස් කනව..!
එහෙනම් මෙන්න බ්ලොග් ලියන්නේ නෑ කොව්ව අය බ්ලොග් ලියන්න පටන් අරගෙන! මරු මරු ඈ! :)
ඔන්න මමත් ආවා දිගටම ලියමු එතකොට කට්ටිය එයි
…
……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මහන වෙන්ට හිතෙනව ඕයි...
දිගටම ලියන්න
ගෙට් එක නම් එල! එදා අඳුරගත්ත එක්කෙනෙක් අක්කා! අඳුරගන්න ලැබීම සන්තෝසයි ඒ වගේම බ්ලොග් එකට සුභ පතනවා! ඔන්න අද ඉඳන් හැමදාම මේ පැත්තේ මමත් එනවා!
අපිත් ආවෝ ජය වේවා
Post a Comment