ඔන්න ඉතින් කෙටියෙන්ම කියුවොත් මම නම් ඔයාල වගේ දක්ෂ ලෙස බ්ලොග් ලියන්න නම් දන්නේ නැ. මම ඔයාලා ගොඩදෙනෙක්ගේ රසිකාවියක් විතරයි. එත් ඔයාලා හැමෝවම බලන්න ආවට පස්සේ හිතුනා මමත් ඔයාලා එක්ක එකතු වෙලා මොනවම හරි ලියුවනම් හොදයි කියලා. මේ මගේ ප්රථම පොස්ට් එක නිසා වැරදී ඇතොත් හිනා වෙන්න එපා හොදේ............. කොහොම හරි හීනෙකින් වත් නොහිතපු cyber mega beach party ට මම බුකියේ මගේ හොදම යාළුවා උන බොරලුගොඩ මල්ලිගේ උපකරෙන් අවා. මම හිතුවේ නැ ඇත්තටම මේ තරම් විනෝදයෙන් කාලය ගෙවන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් සතුටු උනා ගොඩක් මිතුරු මිතුරියෝ මුණගැහුනා. කාලය ගෙවිලා යනවා දැනුනේම නැහැ. මුලින්ම මේ වැඩේ මේ තරම් හොදින් සංවිදානය කරපු සංවිදායක මඩුල්ලට තැන්කු වේවා. ඊ ලගට ඔයාලගේම කෙනෙක් වගේ මව පිළිගත්ත මගේ යාලුවෝ හැමෝටමත් ගොඩක් තැන්කු හොදේ........ . මට අමතක නොවෙන සිදුවීම් කීපයක්ම උනා. ඒ අතරේ රසවත්ම සිදුවීම තමා නයි සෙල්ලමේදී මගේ ඇදුම ඉරිමකට ලක් වීම. ඕව ඔහොම තමයි ක්රීඩාවන් තුලදී. මගේ වැටීම අමතක කරන්නම බැ මොකෝ මෙන්න මෙහෙම සුන්දර මඩ පාරක් මටත් වැදිලා නිසා...........
. කොහොම හරි මගේ ජිවිතේ කවදාවත්ම අමතක නොවන මතකයන් ගොන්නක් එකතු කරලා දුන්න යාලුවනේ ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් තැන්කු........... අදින් පසුව අපේ බ්ලොගර්ස්ලගේ ඕනෑම වැඩක් එක්ක මමත් ඉන්න තරයේ හිතාගත්තේ ඔයාල හැමෝම මගේ ජිවිතේ අමතක නොවන විශේෂ පිරිසක් වූ නිසාවෙන්මයි. නැවත හමු වීමේ සිහිනයත් සමගින් එසේනම් මම නවතිමි....
